පාපන්දු තරගයක් නැරඹීමට පැමිණි100කට අධික පිරිසක් මියයයි

ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

තරගයේදී Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම හටගෙන ඇති අතර එහිදි අධික තදබදය, පෑගීම සහ තෙරපීම හේතුවෙන් මරණ රැසක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බව වාර්තා වනවා. මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියානු ලීගය සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා.

1920
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?