පාපන්දුවේ ‘GOAT’ ප්‍රේක්ෂක ජය ඝෝෂා මැද ඉන්දියාවට ගොඩබසියි

පාපන්දු ඉතිහාසයේ “GOAT” ලෙස ගෞරවාදරයට පාත්‍ර වන ආර්ජින්ටිනාවේ ලෝක ශූර නායක ලියොනල් මෙසී කොල්කටාව වෙත ළඟා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව කොල්කටාව වෙත පැමිණෙන මෙසී පිළිගැනීමට සහ දැක බලාගැනීමට විශාල ජනකායක් ගුවන්තොටුපළ වෙත රැස්ව සිටි බව ද සඳහන් වනවා.
ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක් කේන්ද්‍ර කරගනිමින් දින 3ක් පුරා සිය සංචාරය සිදු කිරීමට මෙසී සැලසුම් කර තිබෙනවා.

මෙසී කොල්කටාව වෙත අද (13) අලුයම ළඟා වී ඇති අතර ඔහුගේ පූර්ණ ආරක්ෂාවට ඉන්දීය රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මියාමි සිට ඩුබායි හරහා පැමිණීමෙන් පසු කොල්කටාව වෙත මෙම අසහාය පාපන්දු පුරාවෘත්තය ගොඩබැස ඇති බවයි වාර්තා වන්නේ.

මෙසී පළමු වරට ඉන්දියාවට පැමිණියේ 2011 වර්ෂයේ දියි.

එලෙස පැමිණියේ ද පාපන්දු තරගාවලියකට එක්වීමට වන අතර මෙම සංචාරය හුදෙක් කිසිදු තරගයකින් තොර වීම ද විශේෂත්වයක්.

2011 දී සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ FIFA මිත්‍රශීලී තරගයක දී ආර්ජන්ටිනාව වෙනිසියුලාව ගෝල 1-0ක් ලෙස පරාජය කළ ආකාරය විස්මිත ය.

මෙවර, ‘GOAT India Tour 2025’ යටතේ ඔහුගේ කාලසටහන සෙනසුරාදා කොල්කටාහි ආරම්භ වී සඳුදා (15)නවදිල්ලියේදී අවසන් වනු ඇති.

ඒ විශේෂ රාජ්‍ය නායක හමුවීමකින් අනතුරුව බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?