පාපන්දුවේ ‘GOAT’ ප්‍රේක්ෂක ජය ඝෝෂා මැද ඉන්දියාවට ගොඩබසියි

පාපන්දු ඉතිහාසයේ “GOAT” ලෙස ගෞරවාදරයට පාත්‍ර වන ආර්ජින්ටිනාවේ ලෝක ශූර නායක ලියොනල් මෙසී කොල්කටාව වෙත ළඟා වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව කොල්කටාව වෙත පැමිණෙන මෙසී පිළිගැනීමට සහ දැක බලාගැනීමට විශාල ජනකායක් ගුවන්තොටුපළ වෙත රැස්ව සිටි බව ද සඳහන් වනවා.
ඉන්දියාවේ ප්‍රධාන නගර 4ක් කේන්ද්‍ර කරගනිමින් දින 3ක් පුරා සිය සංචාරය සිදු කිරීමට මෙසී සැලසුම් කර තිබෙනවා.

මෙසී කොල්කටාව වෙත අද (13) අලුයම ළඟා වී ඇති අතර ඔහුගේ පූර්ණ ආරක්ෂාවට ඉන්දීය රජය විසින් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මියාමි සිට ඩුබායි හරහා පැමිණීමෙන් පසු කොල්කටාව වෙත මෙම අසහාය පාපන්දු පුරාවෘත්තය ගොඩබැස ඇති බවයි වාර්තා වන්නේ.

මෙසී පළමු වරට ඉන්දියාවට පැමිණියේ 2011 වර්ෂයේ දියි.

එලෙස පැමිණියේ ද පාපන්දු තරගාවලියකට එක්වීමට වන අතර මෙම සංචාරය හුදෙක් කිසිදු තරගයකින් තොර වීම ද විශේෂත්වයක්.

2011 දී සෝල්ට් ලේක් ක්‍රීඩාංගනයේ FIFA මිත්‍රශීලී තරගයක දී ආර්ජන්ටිනාව වෙනිසියුලාව ගෝල 1-0ක් ලෙස පරාජය කළ ආකාරය විස්මිත ය.

මෙවර, ‘GOAT India Tour 2025’ යටතේ ඔහුගේ කාලසටහන සෙනසුරාදා කොල්කටාහි ආරම්භ වී සඳුදා (15)නවදිල්ලියේදී අවසන් වනු ඇති.

ඒ විශේෂ රාජ්‍ය නායක හමුවීමකින් අනතුරුව බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42