පාන් සඳහා පවතින වෙළඳපොළ තත්ත්වය පාරිභෝගිකයාට අහිතකරයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

නියමිත ප්‍රමිතියෙන් සහ නියමිත බර ප්‍රමාණයෙන් තොරව ඉතා ඉහළ මිල ගණන් යටතේ වෙළෙඳපොළ තුළ පාන් අලෙවිකරන අයුරු දැකගත හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල පවසනවා.

පවත්නා මෙම වෙළඳපොළ තත්ත්වය පාරිභෝගිකයාට අහිතකර ආකාරයට ක්‍රියාත්මකවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මහාචාර්යවරයා පවසන්නේ රට තුළ සිදුකරන පාන් නිෂ්පාදනය අවම ප්‍රමිතිකරණයකට ලක්කර යුතු බවයි.

එමෙන්ම විවිධ බර මට්ටම් අනුව පාන් ගෙඩියක මිල තීරණයවන ආකාරයේ ක්‍රමවේදයක් ගොඩනැඟිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

මේ දිනවල වෙළඳපොළ තුළ පාන්වල මිල ගණන් සහ ගුණත්වය සම්බන්ධයෙන් කතාවන පසුබිමක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කළ නියමිත බරට පාන් අලෙවි කරන්නේ ද යන්න සොයා බැලීමට ඊයේ (05) දිනයේ සිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙහෙයුම් ආරම්භ කළා.

පාන් ගෙඩියක සහ පාන් භාගයට අදාළව නියමිත බර සඳහන් කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කරනු ලැබුවා.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවටත්, එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය යුතු බවටත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඊට අමතරව පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් විය යුතු බවත්, බර වෙනස් වීම ග්‍රෑම් 09ක් ලෙසත් එහි සඳහන්.

එමෙන්ම අලෙවියට තබා ඇති පාන් ගෙඩියක බර ප්‍රදර්ශනයකර තිබීම ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07