පානදුර වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට, අයෙකුට තුවාල

පානදුර, හිරණ ප්‍රදේශයේ අද (28) අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?