පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ මිය යාමට හේතුව හෙළිවෙයි

පානදුර උතුර පොලිසිය මඟින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් හදිසියේ මිය යාමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රවින්ද්‍ර සඳහන් කරන්නේ එම කාන්තාව හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර අධිකරණය මඟින් ලබා දුන් නියෝගයක් මත පානදුර මූලික රෝහලේ දී සිදුකර තිබෙනවා.

ඉකුත් 24 වනදා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව හදිසි අසනීප තත්ත්වයකින් රොහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි තැනැත්තියක්.

අදාළ කාන්තාව සිය නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ ඇයගේ නිවස වටලා තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන එන අතර තුරයි මෙලෙස හදිසියේ අසනීප වී ඇත්තේ.

එහිදී අදාල කාන්තාවගේ පවුලේ ඥාතීන් කැඳවා ඇයව රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර එලෙස රෝහල් ගත ඉරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15