spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පානදුර පොලිසියෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් හදිසියේ මිය යාමට හේතුව හෙළිවෙයි

පානදුර උතුර පොලිසිය මඟින් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් හදිසියේ මිය යාමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රවින්ද්‍ර සඳහන් කරන්නේ එම කාන්තාව හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවයි.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර අධිකරණය මඟින් ලබා දුන් නියෝගයක් මත පානදුර මූලික රෝහලේ දී සිදුකර තිබෙනවා.

ඉකුත් 24 වනදා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ කාන්තාව හදිසි අසනීප තත්ත්වයකින් රොහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබුණා.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැවිරිදි තැනැත්තියක්.

අදාළ කාන්තාව සිය නිවසේ නීති විරෝධී මත්පැන් අලෙවිකරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් එදින රාත්‍රියේ ඇයගේ නිවස වටලා තිබෙනවා.

එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත රැගෙන එන අතර තුරයි මෙලෙස හදිසියේ අසනීප වී ඇත්තේ.

එහිදී අදාල කාන්තාවගේ පවුලේ ඥාතීන් කැඳවා ඇයව රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර එලෙස රෝහල් ගත ඉරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?