AFC Banner
AFC Banner
Empty Ad

පානදුර නගරයේ බස් රථයක් පෙරළී අනතුරක් – හතරක් රෝහලේ

පානදුර නගරයේ ගුවන් පාලම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් පෙරළී යාමෙන් අද (15) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කල බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

අද (15) අලුයම 4.00ට පමණ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.

රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පානදුර දකුණ පොලිසිය සැකපළ කරනවා.

බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?