පානදුරේ කුඩු සලිදුට ජීවිත ආරක්ෂාව ලබාදෙන ලෙස මවගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිදු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදු නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කර සිටියා.

අත්අඩංගුවේ පසු වන සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශිරානි මල්කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය ගොනුකළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා මෙම විරෝධතාව මතු කර සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් සලිදු මල්ශික නැමැත්තා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළා.

පානදුර සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ වලින් නිකුත් කළ වරෙන්තු තුනකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවට සිය සේවාදායිකාවගෙන් තමාට උපදෙස් ලැබී තිබෙන බවත් කියා සිටියා.

පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් ආයුධ පෙන්වීමට යැයි පවසමින් පොලිසිය විසින් පිටතට රැගෙන ගිය අවස්ථාවලදී වෙඩි තබා ඝාතනය කෙරුණු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ඉරණම තම පුත්‍රයාට ද අත් වනු ඇති බවට තම සේවාදායකයාව බිය පළ කරන බවත් කියා සිටියා.

එම නිසා අත්අඩංගුවේ පසුවන සැකකරු ගේ ජීවිත ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔහු අදාල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන අතුරු නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධය පළ කළා.

හුදෙක්ම උපකල්පන හා මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මෙම පෙත්සම ගොනු කර ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු සියල්ලම පාහේ පදනම් විරහිත බවත් පැවසුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සියලු දෙනා රාජ්‍ය නිලධාරීන් බවත් උපකල්පන පදනම් කරගෙන ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරනු ඇතැයි පදනම් විරහිත චෝදනා එල්ල කර තිබීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා.

එම නිසා මෙම පෙත්සම මූලික කරුණු සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අත්අඩංගුවේ පසුවන සැකකරු ගෙ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ආකාරයේ කෙටි අතුරු නියෝග කිහිපයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා.

එවිට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා කියා සිටියේ සැකකරු අත්අඩංගුවට පත්ව මේ වන විට පැය 24 ක් වත් ගත වී නොමැති හෙයින් වග උත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය පරික්ෂා කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බවයි.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 20 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළා.

මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය අධිකරණයෙන් අයැද සිටින්නේ අත්අඩංගුවේ පසුවන සැකකරුගේ ජීවිතයට හානි පමුණුවන ආකාරය ක්‍රියා සිදු කිරීම වළක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම සැකකරු නොපමාව මහේස්ත්‍රාත්වරයෙකු හමුවට පමුණුවන නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

සැකකරු විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවෙන් පිටතට රැගෙන යන්නේ නම් මහේස්ත්‍රාත් වරයකුට දැනුම් දී මහේස්ත්‍රාත්වරයාගේ සුපරීක්ෂණය යටතේ එම කටයුත්ත සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය එසේ පිටතට රැගෙන යන අවස්ථාවලදී සැකකරු අත් සහ පාද වලට විලංගුලා රැගෙන යන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරයා, පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?