පාතාල කෙරුමෙකු වූ හරක් කටාගේ කෙරුවාව මෙන්න

අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩිතබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ‘හරක්කටාගේ’ කල්ලියේ මිනිස් ඝාතකයා ලෙස නම් දරා සිටින ධනුෂ්ක බුද්ධික හෙවත් ජීලේ නමැත්තා විසින් බව ද හෙළි වී තිබේ.

මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට හරක්කටා විසින් මෙරටට එවන ලද රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් විකිණීම සඳහා අංගොඩ මීගහවත්තේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කොන්ත‍්‍රාත්කරුට ලබා දී තිබිණි. එම හෙරොයින් තොගය අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් හරක්කටා වෙත ලබා නොදීම නිසා ඔවුන් කොන්ත‍්‍රාත්කරු සමඟ දැඩි වෛරයකින් පසු වී ඇත.

අවස්ථා කීපයකදීම මෙම මුදල් හෝ හෙරොයින් තොගය ආපසු ලබාදෙන ලෙස හරක්කටා දැනුම් දීම් කර තිබුණ ද කොන්ත‍්‍රාත්කරු මඟහරිමින් එම මුදල් ලබා දී නැත.

මෙම මත්ද්‍රව්‍ය ආරවුල හේතුකොට ගෙන හරක්කටාගේ නියෝග මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හරක්කටා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටියි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?