පාතාල කෙරුමෙකු වූ හරක් කටාගේ කෙරුවාව මෙන්න

අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩිතබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ ‘හරක්කටාගේ’ කල්ලියේ මිනිස් ඝාතකයා ලෙස නම් දරා සිටින ධනුෂ්ක බුද්ධික හෙවත් ජීලේ නමැත්තා විසින් බව ද හෙළි වී තිබේ.

මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට හරක්කටා විසින් මෙරටට එවන ලද රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් විකිණීම සඳහා අංගොඩ මීගහවත්තේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කොන්ත‍්‍රාත්කරුට ලබා දී තිබිණි. එම හෙරොයින් තොගය අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් හරක්කටා වෙත ලබා නොදීම නිසා ඔවුන් කොන්ත‍්‍රාත්කරු සමඟ දැඩි වෛරයකින් පසු වී ඇත.

අවස්ථා කීපයකදීම මෙම මුදල් හෝ හෙරොයින් තොගය ආපසු ලබාදෙන ලෙස හරක්කටා දැනුම් දීම් කර තිබුණ ද කොන්ත‍්‍රාත්කරු මඟහරිමින් එම මුදල් ලබා දී නැත.

මෙම මත්ද්‍රව්‍ය ආරවුල හේතුකොට ගෙන හරක්කටාගේ නියෝග මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

හරක්කටා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටියි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

උපුටා ගැනීම – දිවයින පුවත්පත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40