AFC Banner
Empty Ad
Empty Ad

පාට පාට ස්ටිකර් ඇලවීම අතරමග නවතී – හේතුව මෙන්න

සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි

කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට සතියක වාහන ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්‍ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?