පාකිස්ථාන සූපර් ලීග් තරගාවලිය සුපිරි ක්‍රීඩකයින් රැසකට මඟ හැරේ

ලබන 17 වනදා ආරම්භවන පාකිස්ථාන සූපර් ලීග් තරගාවලියෙන් ඉහළ පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉවත්ව තිබෙනවා.

මේ හේතුවෙන් තරගාවලිය සඳහා එක්වන ෆ්‍රැන්චයිස් හයටම දැඩි පහරක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව පෙෂාවර් සල්මි කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ග් න්ගිඩි තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ද මෙවර තරගාවලිය සඳහන් එක් නොවන බව සඳහන්.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෂායි හෝප්ස්, අකීල් හුසේන්, මැතිව් ෆෝඩ් දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ෂම්සි, රසී වැන් ඩර් ඩුසන්, එංගලන්තයේ ජේම්ස් වින්ස්, ඇෆ්ගනිස්ථානයේ නූර් අහමඩ්, නවීන් උල් හක් යන ක්‍රීඩකයින්ට සමස්ත තරගාවලියම මඟ හැරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි-පෙබරවාරි කාලය ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා කාර්යබහුල සමයක් වීම මෙලෙස ක්‍රීඩකයින් රැසකට පාකිස්ථාන සූපර් ලීග් තරගාවලි මඟ හැරීමට හේතුවක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන තරඟාවලිය,දකුණු අප්‍රිකාව සහ නවසීලන්තයට අතර ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර තරගාවලිය මෙලෙස ජාත්‍යන්තර පිටියේ මෙම කාල වකවානුවේ පැවැත්වෙන තරගාවලි වනවා.

පාකිස්ථාන සූපර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ වෙනසක් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මේ වනවිට පවතින අතර, විදේශීය ක්‍රීඩකයින්ගේ පැමිණීමේ අඩුවක් සිදුවුව හොත් තරගාවලියේ චමත්කාරය නැති වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?