AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන සුපිරි ක්‍රිකට් තරුව මලික් තුන්වන ඉනිම අරඹයි (ඡායාරූප)

හිටපු ඉන්දීය වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වන සානියා මිර්සාගෙන් වෙන්වීමේ කටකතා මධ්‍යයේ පාකිස්ථාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් රංගන ශිල්පී සානා ජාවෙඩ් සමඟ විවාහ වී තිබෙනවා.

මලික් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප බෙදාගනිමින් “අල්හම්දුලිල්ලාහ් අපි ඔබව යුගළ වශයෙන් නිර්මාණය කළෙමු” යන වචන සමඟ කෘතඥතාව පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අද එම ප්‍රවෘත්ති නිවේදනය කර සිටියා.

ඊට අමතරව ෂොයිබ් මලික් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නම සානා ෂොයිබ් මලික් ලෙස යාවත්කාලීන කර ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

ෂොයිබ් මලික්ගේ නව විවාහයේ මනමාලිය වූ රංගන ශිල්පිනී සානා ජාවෙඩ් 1993 මාර්තු 25 වන දින සෞදි අරාබියේ උපත ලබා තිබෙනවා.

ඇය 2012 වසරේ දී, ෂෙර්-ඊ-සාත් නම් අධ්‍යාත්මික ආදර නාට්‍ය මාලාවෙන් රංගනයට පිවිසියා.

ෂොයිබ් මලික් සහ සානා ජාවෙඩ් ආදර සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය අතර, මෙම පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයා පසුගිය වසරේදී සානාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කළ අවස්ථාවේ දී එම කටකතාවේ සත්‍යතාවය තහවුරු වුණා.

එහිදී මලික් ඔවුන් එකට සිටින ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ බෙදා ගනිමිනි “සුභ උපන්දිනයක් බඩී” යනුවෙන් සඳහන් කර තිබුණා.

ෂොයිබ් මලික් 2010 වසරේ දී ටෙනිස් තරුවක් වන සානියා මිර්සා සමඟ විවාහ වීමට පෙර ඔහුගේ පළමු බිරිඳ වූ අයේෂා සිද්දිකි සමඟ දික්කසාද වී සිටියා.

මේ අතර සානා ජාවෙඩ් ද 2020 වසරේ දී ගායක උමාර් ජස්වාල් සමඟ විවාහ වූ අතර, 2023 දී ඔවුන් දෙදෙනා ද දික්කසාද වුණා.

කෙසේ වෙතත් ෂොයිබ් මලික්ගේ මෙම විවාහය සම්බන්ධයෙන් ඔහුගේ කලින් බිරිඳ වන සානියා මිර්සා තවමත් කිසිම ප්‍රකාශයක් සිදුකර නොතිබීම ද විශේෂත්වයක්.

2 5
3 5
4 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?