පාකිස්ථාන සුපිරි ක්‍රිකට් තරුව මලික් තුන්වන ඉනිම අරඹයි (ඡායාරූප)

හිටපු ඉන්දීය වෘත්තීය ටෙනිස් ක්‍රීඩිකාවක් වන සානියා මිර්සාගෙන් වෙන්වීමේ කටකතා මධ්‍යයේ පාකිස්ථාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් රංගන ශිල්පී සානා ජාවෙඩ් සමඟ විවාහ වී තිබෙනවා.

මලික් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප බෙදාගනිමින් “අල්හම්දුලිල්ලාහ් අපි ඔබව යුගළ වශයෙන් නිර්මාණය කළෙමු” යන වචන සමඟ කෘතඥතාව පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අද එම ප්‍රවෘත්ති නිවේදනය කර සිටියා.

ඊට අමතරව ෂොයිබ් මලික් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නම සානා ෂොයිබ් මලික් ලෙස යාවත්කාලීන කර ඇති ආකාරය ද දැකගත හැකි වුණා.

ෂොයිබ් මලික්ගේ නව විවාහයේ මනමාලිය වූ රංගන ශිල්පිනී සානා ජාවෙඩ් 1993 මාර්තු 25 වන දින සෞදි අරාබියේ උපත ලබා තිබෙනවා.

ඇය 2012 වසරේ දී, ෂෙර්-ඊ-සාත් නම් අධ්‍යාත්මික ආදර නාට්‍ය මාලාවෙන් රංගනයට පිවිසියා.

ෂොයිබ් මලික් සහ සානා ජාවෙඩ් ආදර සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර ගිය අතර, මෙම පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයා පසුගිය වසරේදී සානාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කළ අවස්ථාවේ දී එම කටකතාවේ සත්‍යතාවය තහවුරු වුණා.

එහිදී මලික් ඔවුන් එකට සිටින ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ බෙදා ගනිමිනි “සුභ උපන්දිනයක් බඩී” යනුවෙන් සඳහන් කර තිබුණා.

ෂොයිබ් මලික් 2010 වසරේ දී ටෙනිස් තරුවක් වන සානියා මිර්සා සමඟ විවාහ වීමට පෙර ඔහුගේ පළමු බිරිඳ වූ අයේෂා සිද්දිකි සමඟ දික්කසාද වී සිටියා.

මේ අතර සානා ජාවෙඩ් ද 2020 වසරේ දී ගායක උමාර් ජස්වාල් සමඟ විවාහ වූ අතර, 2023 දී ඔවුන් දෙදෙනා ද දික්කසාද වුණා.

කෙසේ වෙතත් ෂොයිබ් මලික්ගේ මෙම විවාහය සම්බන්ධයෙන් ඔහුගේ කලින් බිරිඳ වන සානියා මිර්සා තවමත් කිසිම ප්‍රකාශයක් සිදුකර නොතිබීම ද විශේෂත්වයක්.

2 5
3 5
4 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02