පාකිස්ථාන ක්‍රිකට් පිළට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත ක්‍රීඩක ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් පත්කර තිබෙනවා.

ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් නිමා වූ නවසීලන්තය සමඟ සීමිත පන්දුවාරය තරගාවලිය තුළ පාකිස්ථාන කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් හට පාකිස්ථාන කණ්ඩායම සමඟ ඉදිරියේ දී කටයුතු කිරීම ආගන්තුක අත්දැකීමක් නොවන බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න්ගේ මෙම නව පත්වීම වසර දෙකක කාලයක් සඳහා වලංගුවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළා.

සංචාරක නවසීලන්තය සමඟ නිමා වූ විස්සයි විස්ස තරගාවලිය දෙකට දෙකක් ලෙස සමකළ පාකිස්ථානය එක්දින තරගාවලිය තරග හතරට එකක් ලෙස නවසීලන්තය පරාජය කළේ ග්‍රාන්ට් බ්‍රැඩ්බර්න් උපදේශකත්වය යටතේයි.

බ්‍රැඩ්බර්න්ගේ සහාය ඇතිව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය පාකිස්ථාන කණ්ඩායම මුහුණ දෙන ප්‍රධානතම තරගාවලි වනු ඇති.

මේ අතර මෙවර ආසියානු කුසලාන තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට කැමැත්ත පළකරන බවට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සෙති ප්‍රකාශ කළ බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

තරගාවලිය පාකිස්ථානයේ දී නොපවත්වන්නේ නම් මෙවර ආසියානු කුසලානයේ සත්කාරකයින් ලෙස එය පවත්වන ස්ථානය තෝරාගැනීමේ නිදහස පාකිස්ථානයට තිබිය යුතු බවයි නජාම් සෙති පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?