පාකිස්ථාන අගමැතිගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාවේ තහනම් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉන්දියාවෙන් ඉල්ලීමක්

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාව තුළ අවහිර කර ඇති බව වාර්තා වනවා.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාලිකාව ඊයේ දින සිට ඉන්දියාව තුළ අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථාන ගුවන් කලාපය තහනම් කිරීම හේතුවෙන් ඉන්දීය ගුවන් සේවා රැසක් දැඩි ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ඒ, අනුව ඉන්දීය ගුවන් සේවා උතුරු ඇමරිකානු ගුවන් ගමන් සඳහා විකල්ප මාර්ග ගවේෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා ඉන්දීය ගුවන් සේවා විවිධ විකල්ප සොයමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර පාකිස්ථානයට ලබා දෙන ණය සහ ප්‍රදාන සමාලෝචනය කරන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රිකව කොටු කිරීමට නවදිල්ලිය උත්සාහ කරන බැවින්, පාකිස්ථානයට ලබා දී ඇති අරමුදල් සහ ණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර අරමුදල ඇතුළු ගෝලීය බහුපාර්ශ්වික ආයතනවලින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට තුළ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට පකිස්ථානය ගල්ෆ් රටවලින් උදව් ඉල්ලා තිබෙනවා.

පාකිස්ථාන අගමැති ඊයේ ගල්ෆ් රටවල තානාපතිවරුන් හමුවී මේ පිළිබඳව සාකච්ඡාකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40