පාකිස්ථාන අගමැතිගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාවේ තහනම් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉන්දියාවෙන් ඉල්ලීමක්

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාළිකාව ඉන්දියාව තුළ අවහිර කර ඇති බව වාර්තා වනවා.

ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට අතර පවතින අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාලිකාව ඊයේ දින සිට ඉන්දියාව තුළ අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය ගුවන් යානාවලට පාකිස්ථාන ගුවන් කලාපය තහනම් කිරීම හේතුවෙන් ඉන්දීය ගුවන් සේවා රැසක් දැඩි ගැටලුවකට මුහුණ පා සිටිනවා.

ඒ, අනුව ඉන්දීය ගුවන් සේවා උතුරු ඇමරිකානු ගුවන් ගමන් සඳහා විකල්ප මාර්ග ගවේෂණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැය අවම කිරීම සඳහා ඉන්දීය ගුවන් සේවා විවිධ විකල්ප සොයමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර පාකිස්ථානයට ලබා දෙන ණය සහ ප්‍රදාන සමාලෝචනය කරන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබෙනවා.

පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රිකව කොටු කිරීමට නවදිල්ලිය උත්සාහ කරන බැවින්, පාකිස්ථානයට ලබා දී ඇති අරමුදල් සහ ණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර අරමුදල ඇතුළු ගෝලීය බහුපාර්ශ්වික ආයතනවලින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දෙරට තුළ ඇතිව ඇති ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට පකිස්ථානය ගල්ෆ් රටවලින් උදව් ඉල්ලා තිබෙනවා.

පාකිස්ථාන අගමැති ඊයේ ගල්ෆ් රටවල තානාපතිවරුන් හමුවී මේ පිළිබඳව සාකච්ඡාකර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19