ශ්‍රී ලාංකිකයන් සඳහා බෞද්ධ වන්දනා ස්ථාන විවෘත කිරීමට පාකිස්ථානය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි මහතා අතර අද (18) අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
එහිදී සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, විශේෂයෙන්ම බෞද්ධ වන්දනාකරුවන්ගේ පාකිස්ථාන සංචාර පිළිබඳව මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. එමෙන්ම ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පිරිනැමෙන පාකිස්ථාන ශිෂ්‍යත්ව වැඩි කිරීම සම්බන්ධයෙන් මෙහිදී පාකිස්ථාන තානාපතිවරයාට කෘතඥතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා පාකිස්ථාන ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටි අතර මේ පිළිබඳව ආයෝජකයින්ගේ අවධානයට යොමු කරන බවටත් මහ කොමසාරිස්වරයා පොරොන්දු විය.




