AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථානයත් ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්ථානය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එරටට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 06ක ණය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 179 දක්වා ඉහළ නංවා ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 174 යි ශත 15 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 155 යි ශත 95 දක්වා ඉහළ දැමීමට කටයුතුකර ඇති බවයි වාර්තා වුණේ.

ඉන්ධන සහනාධාරය ඉවත් කරන තුරු පාකිස්ථානයට තවදුරටත් ණය ආධාර සැපයිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බවයි එරට මුදල් අමාත්‍ය මිෆ්තා ස්මයිල් සඳහන් කළේ.

පැවති ඉම්රාන් ඛාන් රජය යටතේ පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 06ක ණය මුදලක් ලබාගැනීම සඳහා එකඟ වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?