පාකිස්ථානයත් ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්ථානය විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එරටට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 06ක ණය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 179 දක්වා ඉහළ නංවා ඇති අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 174 යි ශත 15 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 155 යි ශත 95 දක්වා ඉහළ දැමීමට කටයුතුකර ඇති බවයි වාර්තා වුණේ.

ඉන්ධන සහනාධාරය ඉවත් කරන තුරු පාකිස්ථානයට තවදුරටත් ණය ආධාර සැපයිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බවයි එරට මුදල් අමාත්‍ය මිෆ්තා ස්මයිල් සඳහන් කළේ.

පැවති ඉම්රාන් ඛාන් රජය යටතේ පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඩොලර් බිලියන 06ක ණය මුදලක් ලබාගැනීම සඳහා එකඟ වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39