2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්තානයේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිතව පවතිනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් පාකිස්තාන රජය හෝ පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් මේ වනතෙක් ප්‍රකාශ කර නැහැ.
මේ අතර පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් සැලසුම් කර තිබූ ලෝක කුසලානය සඳහා පාකිස්ථාන කණ්ඩායම පළදින නිල ජර්සිය එළිදැක්වීමේ උත්සවය ද කල්දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර ආරක්ෂා සම්බන්ධයෙන් වන ගැටලුවක් යැයි පවසමින් බංග්ලාදේශය ලෝක කුසලානය සඳහා තරග වැදීමට ඉන්දියාවට යාමට නොහැකි බවට පැවසීමෙන් පසු ඔවුන්ව ඉල වශයෙන් මේර ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.
ඒ අනුව බංග්ලාදේශයට සහය දැක්වීම සඳහා තරඟාවලිය සම්පූර්ණයෙන්ම වර්ජනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන බවට පාකිස්තාන ක්‍රිකට් අයටහනය විසි මීට පෙර කියා සිටියා.













