එක්සත් ජාතීන්ගේ තලේබාන් සම්බාධක කමිටුවේ සභාපතිත්වය දැරීමේ දී සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ත්‍රස්ත විරෝධී කමිටුවේ උප සභාපතිත්වය දැරීමේ දී පාකිස්තානයේ විශ්වසනීයත්වය පිළිබඳව එක්සත් ජනපදයේ හිටපු ඉන්දීය තානාපති තරංජිත් සිං සන්ධු ප්‍රශ්න කර සිටිනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියාවේ නියෝජිත පිරිස සමඟම එක්සත් ජනපදයේ සිටින බිලාවල් භූතෝගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසට පකිස්ථාන හමුදාව කොපමණ බලයක් ලබා දී ඇත්දැයි සන්දු ප්‍රශ්න කර සිටිය බවයි.
2025 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තලේබාන් සම්බාධක කමිටුවේ සභාපතිත්වය පාකිස්තානයට හිමිවන අතර, එය තලේබාන් සංවිධානයට සම්බන්ධ පුද්ගලයින්ට හෝ සංවිධානවලට එරෙහිව සම්බාධක, වත්කම් කැටි කිරීම, සංචාරක තහනම් කිරීම් සහ අවි සම්බාධක ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතුය.
සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයේ ප්‍රහාරයෙන් පසුව පිහිටුවන ලද මෙම වසරේ ත්‍රස්ත විරෝධී කමිටුවේ උප සභාපති ලෙස ද පාකිස්තානය කටයුතු කරනු ඇති.
ලොව පුරා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනු ඇති.
පාකිස්තානයට තවදුරටත් වාග් පහරදෙමින් සන්ධු පැවසුවේ එක්සත් ජනපදය සහ ඉන්දියාව “ප්‍රජාතන්ත්‍රවාදයේ බැඳීමක් බෙදා ගන්නා” අතර, පාකිස්තානය එහි හමුදාව විසින් පාලනය කරනු ලබන බවයි.















