AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ මන්කිපොක්ස් බියක්

එම්පොක්ස් හෙවත් මංකිපොක්ස් ආසාදිතයින්ගේ වැඩිවීමක් වාර්තා වේ’ යැයි පාකිස්තානය බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම බිය හේතුවෙන් පාකිස්තානය පුරා පූර්ව ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට බලධාරීන් දැනුම්දී තිබෙනවා.

බලුකිස්තානයේ ක්වෙටා අගනුවරින් පැය 48ක් තුළ වඳුරු උණ ආසාදිතයන් දෙදෙනෙක් හමු වීමත් සමග මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

මේ වසර තුළ පාකිස්තානයෙන් හමු වී ඇති ආසාදිතයන් ගණන 21ක්.

ඒ අනුව පාකිස්තානයේ දේශසීමා, සෞඛ්‍ය සේවා, ගුවන්තොටුපොළ ඇතුළු සියලුම පිවිසුම් ස්ථානවල පූර්ව ආරක්ෂාව තීව්‍ර කිරීමට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වනවා.

මංකිපොක්ස් රෝග ලක්ෂණ යැයි සැක සහිත පුද්ගලයන් රටට ඇතුළුවන අවස්ථාවේ දී දැඩිව පරීක්ෂා කිරීම සිදු කෙරෙන බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?