පාකිස්තානයේ අන්තර්ජාලය මන්දගාමී වීම ගැන ක්ෂමා ආයතනයේ කනස්සල්ල

අන්තර්ජාල සේවා මන්දගාමී කිරීම මෙන්ම අධීක්ෂණ සහ නිරීක්ෂණ තාක්ෂණයන් භාවිතය පිළිබඳ විනිවිදභාවයක් පවත්වාගෙන යන ලෙස ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව පාකිස්තානය පදනම් කරගත් ඩෝන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

පසුගිය සති කිහිපය තුළ පකිස්ථානයේ අන්තර්ජාල වේගය අඩු වී ඇති අතර පරිශීලකයින් ජංගම දත්ත භාවිතා කරන විට WhatsApp හි මාධ්‍ය සහ හඬපට යැවීමේ හෝ බාගත කිරීමේ ගැටළුවලට මුහුණ දී සිටිනවා.

බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතා කිරීමේදී ද අඩු අන්තර්ජාල වේගයක් පරිශීලකයන්ට අත්විඳින්නට සිදුව ඇතැයි සඳහන්.

ප්‍රකාශයක් නිකුත් කරන ක්ෂමා සංවිධානය, මෙම අන්තර්ජාල බාධා කිරීම්වලට හේතුව පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත්, අනවශ්‍ය, අසමානුපාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වන අධීක්ෂණ සහ නිරීක්ෂණ පද්ධති යොදවා නොගන්නා ලෙසත් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

අන්තර්ගතය අවහිර කරන, මන්දගාමී වන සහ අන්තර්ජාල වේගය පාලනය කරන අධීක්ෂණ සහ නිරීක්ෂණ තාක්ෂණයන් සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන්ගේ පාරාන්ධභාවය පිළිබඳ එය කනස්සල්ල පළ කළා.

“නැවත නැවතත්, ජාතික ෆයර්වෝල් ඇතුළු එවැනි තාක්ෂණයන් භාවිතා කිරීම මානව හිමිකම් සමඟ නොගැලපෙන බව ඔප්පු වී ඇත,” අදාල නිවේදනයේ සඳහන්.

මෙම ව්‍යාප්ත මෙවලම් ඔන්ලයින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ නිදහස අඩපණ කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ පකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) කියා සිටියේ “දෝෂ සහිත සබ්මැරීන් කේබලයක්” හේතුවෙන් අන්තර්ජාල සේවා මන්දගාමී වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?