පාකිස්තානයේ අන්තර්ජාලය මන්දගාමී වීම ගැන ක්ෂමා ආයතනයේ කනස්සල්ල

අන්තර්ජාල සේවා මන්දගාමී කිරීම මෙන්ම අධීක්ෂණ සහ නිරීක්ෂණ තාක්ෂණයන් භාවිතය පිළිබඳ විනිවිදභාවයක් පවත්වාගෙන යන ලෙස ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව පාකිස්තානය පදනම් කරගත් ඩෝන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

පසුගිය සති කිහිපය තුළ පකිස්ථානයේ අන්තර්ජාල වේගය අඩු වී ඇති අතර පරිශීලකයින් ජංගම දත්ත භාවිතා කරන විට WhatsApp හි මාධ්‍ය සහ හඬපට යැවීමේ හෝ බාගත කිරීමේ ගැටළුවලට මුහුණ දී සිටිනවා.

බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතා කිරීමේදී ද අඩු අන්තර්ජාල වේගයක් පරිශීලකයන්ට අත්විඳින්නට සිදුව ඇතැයි සඳහන්.

ප්‍රකාශයක් නිකුත් කරන ක්ෂමා සංවිධානය, මෙම අන්තර්ජාල බාධා කිරීම්වලට හේතුව පිළිබඳව විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසත්, අනවශ්‍ය, අසමානුපාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වන අධීක්ෂණ සහ නිරීක්ෂණ පද්ධති යොදවා නොගන්නා ලෙසත් පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

අන්තර්ගතය අවහිර කරන, මන්දගාමී වන සහ අන්තර්ජාල වේගය පාලනය කරන අධීක්ෂණ සහ නිරීක්ෂණ තාක්ෂණයන් සම්බන්ධයෙන් පකිස්ථාන බලධාරීන්ගේ පාරාන්ධභාවය පිළිබඳ එය කනස්සල්ල පළ කළා.

“නැවත නැවතත්, ජාතික ෆයර්වෝල් ඇතුළු එවැනි තාක්ෂණයන් භාවිතා කිරීම මානව හිමිකම් සමඟ නොගැලපෙන බව ඔප්පු වී ඇත,” අදාල නිවේදනයේ සඳහන්.

මෙම ව්‍යාප්ත මෙවලම් ඔන්ලයින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ නිදහස අඩපණ කරන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

කෙසේ වෙතත් පසුගිය සතියේ පකිස්තාන විදුලි සංදේශ අධිකාරිය (PTA) කියා සිටියේ “දෝෂ සහිත සබ්මැරීන් කේබලයක්” හේතුවෙන් අන්තර්ජාල සේවා මන්දගාමී වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14