ප්‍රියන්ත කුමාර ගේ පවුලට මූල්‍ය ප්‍රදානයක්

පාකිස්තානයේදී අමානුෂික ප්‍රහාරයකට ලක්වී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත අද (15) විදේශ අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී මූල්‍ය ප්‍රදානයක් සිදු කළේය.

විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී. එල් පීරිස් මහතා විසින්  ප්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත අදාළ ප්‍රදානය සිදු කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ දරුවන් දෙදෙනාගේ අනාගතය සහ පවුලේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටින බවය.

ප්‍රියන්ත කුමාර මහතාගේ සේවායෝජකයාගෙන් සහ පාකිස්තාන රජයෙන් හිමිවන වන්දි මුදල් සහ අනෙකුත් මූල්‍ය ප්‍රතිලාභ නියමිත වේලාවට ලබාදීමට කටයුතු කරන ලෙස තමන් පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බවද අමාත්‍යවරයා පැවසීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ පවුල වෙත අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබාදීමට සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එකඟවී ඇති බවත් මෙහිදී සඳහන් කළේය.

අදාළ නඩු කටයුතු නිසි පරිදි සිදුවෙන අතර කොළඹ පිහිටි පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස්වරයා ඒ පිළිබඳව දැනුම්දී ඇති බවත් ශ්‍රී ලංකා රජය ඒ පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රියන්ත කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !