AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට තවත් 18ක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු වන ප්‍රියන්ත කුමාර පාකිස්තානයේ සියල්කොට් නගරයේදී අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් පිරිසක් එරට පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථාන මාධ්‍ය වර්තා කළේ ඒ අනුව තවත් සැකකරුවන් 18 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව දින 15කට රිමාන්ඩ් කිරීමට නියෝග කර ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.

ප්‍රියන්ත කුමාරගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන සැකකරුවන් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බව සියල්කොට් පොලීසිය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?