ප්‍රධාන පොලිසියකින් කොරෝනා පොකුරක් මතුවෙයි

කිලිනොච්චිය,පලෙයි පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පලෙයි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ගතවු දින කිහිපය තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී මෙම පිරිස හඳුනාගෙන ඇත.

ආසාදිත නිලධාරීන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති අතර, ආශ්‍රිතයන් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.

පලෙයි පොලිස් ස්ථානය තුළ මහජන කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන ලෙසට උපදෙස් ලබාදි ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !