ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික් 06 ක් සඳහා ඉහළ උණුසුම් අවධානම් දැක්වෙන අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පොළොන්නරුව , ත්‍රිකුණාමලය, මඩකලපුව , අම්පාර , මොණරාගල සහ හම්බන්තොට එම දිස්ත්‍රික්කයි.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතිනු ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ ඇති විය හැකි සංකූලතා 

1. විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු වපරලීම (heat cramps)

2. අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion)

3. ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke)

එම දිස්ත්‍රික්කවල ජනතාවට ඇති විය හැකි සංකූලතා

1. තෙහෙට්ටුව

2. මස්පිඩු පෙරළීම

3. විජලනය

මෙම තත්ත්වය හමුවේ, කුඩා දරුවන් සහ මහලු පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

*වැඩ බිම් තුළ: ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.

*නිවෙස් තුළ: වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වන්න.

*වාහන තුළ: කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයන්න.

*එළිමහනේදී: අධික මෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

*ඇඳුම්: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?