ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්

දිස්ත්‍රික් 06 ක් සඳහා ඉහළ උණුසුම් අවධානම් දැක්වෙන අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පොළොන්නරුව , ත්‍රිකුණාමලය, මඩකලපුව , අම්පාර , මොණරාගල සහ හම්බන්තොට එම දිස්ත්‍රික්කයි.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළදී දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණ තත්වයක් පවතිනු ඇති බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ ඇති විය හැකි සංකූලතා 

1. විජලනය සහ ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු වපරලීම (heat cramps)

2. අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion)

3. ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇති වන ආඝාත තත්ත්වය (heat stroke)

එම දිස්ත්‍රික්කවල ජනතාවට ඇති විය හැකි සංකූලතා

1. තෙහෙට්ටුව

2. මස්පිඩු පෙරළීම

3. විජලනය

මෙම තත්ත්වය හමුවේ, කුඩා දරුවන් සහ මහලු පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

*වැඩ බිම් තුළ: ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.

*නිවෙස් තුළ: වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් වන්න.

*වාහන තුළ: කුඩා ළමුන් වාහන තුළ තනිව රඳවා නොයන්න.

*එළිමහනේදී: අධික මෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.

*ඇඳුම්: සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18