AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රියන්ත වීරසූරියගේ පත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි ව තිබෙනවා.

අද (08) රැස් වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වැඩබලන පොලිස්පති ධුරය පුරප්පාඩුව පැවති පසුබිමක නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිය ධුරයෙහි රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 27 වැනි දින ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ධුරයට පත් කෙරුණා.

ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථාපිත බලතල යටතේ මෙම ධුරයට ජ්‍යේෂ්ඨ පොලිස්පතිවරයා පත් කෙරුණු අතර එහි පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්මයා විසින් පසුගියදා පිළිගන්වනු ලැබුවා.

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් සේවා ඉතිහාසයේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස්පතිවරයා දක්වා ඉහළට පැමිණි පළමු නිලධාරියා වීම ද විශේෂත්වයක්.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සමත් වූ ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතීඥවරයෙකු ලෙස දිවුරුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) බවට පත් වුණා.

ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳව ද ව්‍යාපාර පරිපාලන උපාධියක් ලබා ඇත්තෙක්.

අපරාධ සහ රථවාහන අධීක්ෂණ නියෝජ්‍ය පොලිස්පති ලෙස මෙන්ම පොලිස් සැපයුම් අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇති වීරසූරිය මහතා නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ද එක් වූ නිලධාරියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?