මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ඔම්නත ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අණතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අධ්‍යක්ෂකවරයා ගමන් ගත් කැබ් රථය අද (27) පස්වරුවේ ටිපර් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇති බවයි ඔිමන්ත පොලීසිය ප්‍රකාශ කළේ.
වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළිවුණා.
එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝද රථය පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව
ඇතැයි පොලිසිය සැක කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කලද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බවයි රෝහල් වෛද්‍යවරුන් සදහන් කළේ.
අනතුරින් පසුව ටිපර් රථයේ රියදුරුද සුළු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර පසුව රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද වැඩිදුර පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය කියා සිටියා.