AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරී තනතුරු කිහිපයකට විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, සඳහා පසුගිය 03 වනදා රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ද ලැබුණු බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන මාණ්ඩලික නිලධාරී තනතුරු සඳහා මෙම මාසික දිරි දීමනාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් හිමිවනු ඇති.

මෙම මාසික දිරි දීමනාව මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

WhatsApp Image 2024 03 29 at 9.25.43 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?