ප්‍රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා

ප්‍රදේශ ගණනාවක ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.

බොහෝ නිවාසවලට පහරදීමෙන් පසු ගිනි තබා විනාශ කර ඇත.නිවාස හා දේපළ හානිවූ පිරිසට කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණි අමරවංශ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි, කැස්බෑව නගර සභාපති ලක්ෂ්මන් පෙරේරා, බිංගිරිය ප්‍රාදේශීය සභාව සභාපති දිමුත් තුෂාර ඒකනායක ,බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ , ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සහ බියගම ප්‍රාදේශීය ප්රාදේශීය සභාවේ උප සභාපති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඇතුළත් වෙති.

මෙයින් ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ට කලහකාරීන් විසින් පහර දෙනු ලැබ ඇති අතර සමහරු රෝහල් ගත කරනු ලැබ සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?