ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට හේතුව නුපුහුණු ගුරුවරු බව අධ්‍යාපන ඇමති කියයි

ප්‍රාථමික අධ්‍යාපනයේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව නුපුහුණු ගුරුවරුන් එම අංශයට යොමු කිරීම බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු සඳහන් කළේ ප්‍රාථමික අධ්‍යාපනයේ සාර්ථකත්වය සිසුන්ගේ ද්විතීයක හා උසස් අධ්‍යාපනයන්හි සාර්ථකත්වය උදෙසා ඉතා තීරණාත්මක ව බලපාන බවයි.

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ මගහැරුණු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීමේ අවසන් අදියර මේ වනවිට පසු කරමින් සිටින අධ්‍යාපන අමාත්‍යාංශය, සමස්ත පාසල් පද්ධතිය කෙරෙහි ම අවධානය යොමු කරමින් සිසුන්ගේ අයිතිවාසිකම් රැක දීම සඳහා පෙනී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දැඩි අවධානයක් සහිතව කැපවීමෙන් ක්‍රියා කිරීමට සූදානම් ව ගුරුවරුන් වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයට එක් විය යුතු අතර අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් ද රට පුරා සිදු වන අධ්‍යාපනයට සම්බන්ධ සිදුවීම් කෙරෙහි දිනපතා අවධානය යොමු කර ඒවාට ප්‍රායෝගික විසඳුම් ලබා දීම කෙරෙහි ද නිරන්තරයෙන් උත්සුක වන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ගුරුවරයකු වශයෙන් අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරගනිමින් අදාළ සුදුසුකම් සම්පූර්ණ කළ යුතු අතර එහි දී අදාළ පුහුණුවීම් මගින් මානව සම්පත් කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යවූවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එමගින් දරුවන් පීඩිතයන් බවට පත්වීම වලක්වාගනිමින් 2024 වර්ෂයේ අධ්‍යාපන පරිවර්තනීය වෙනසත් සමග නව ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික තෘප්තිමත් අධ්‍යාපනයක නියැළී ජාත්‍යන්තරය ජය ගැනීමේ අවස්ථා මෙරට දරුවන්ට විවර කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණ බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියේ.

එමෙන්ම 2024 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26