ප්‍රහාර නවත්වන තෙක් නව න්‍යෂ්ටික සාකච්ඡා නෑ – ඉරානය දැඩි තීරණයක

ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර නවත්වන තෙක් නව න්‍යෂ්ටික සාකච්ඡා සඳහා යොමු නොවන බව ඉරානය සඳහන් කරනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ, පවතින යුධමය තත්ත්වය අවසන්වන තුරු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් අවශ්‍ය නොවන බවයි.

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමට ඊයේ සහභාගීවීමෙන් අනතුරුව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරු සමඟ සිදුකළ සාකච්ඡා අතරතුර ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානය සමඟ දිගු ගැටුමක් ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරානය මෙම ප්‍රකාශය සිදුකර තිබීම විශේෂත්වයක්.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී ඊයල් සමීර් පවසා ඇත්තේ, තම රට දීර්ඝ කාලීන ගැටුමකට සූදානම් විය යුතුව ඇති බවයි.

එමෙන්ම ඊශ්‍රායලය පවසන්නේ, ඉරානයේ ආරක්ෂක නවෝත්පාදන හා පර්යේෂණ සංවිධානය, මිසයිල නිෂ්පාදන ස්ථාන සහ බටහිර සහ මධ්‍යම ඉරානයේ හමුදා පහසුකම් ඇතුළුව ඉරානයේ හමුදා ඉලක්ක රැසකට එක් රැයක් තුළ ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර ඊශ්‍රායලයේ නෙවාටිම් සහ හැට්සෙරිම් කඳවුරු ඇතුළු ඊශ්‍රායල හමුදා පහසුකම් වෙත තම 17 වන මිසයිල ප්‍රහාර මාලාව එල්ල කළ බව ඉරානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර යටින් මතුවූ පතල..එක පතලක් පටන් ගන්නේ කඩ කාමරයකින්
03:45
Video thumbnail
විදේශගතව සැඟවී සිටින රතු නිවේදන ලැබූ සැකකරුවන් 88ක් ශ්‍රී ලංකාවට ගේනවා
04:35
Video thumbnail
ලස්සන ජීවිතය අපි ජනතාවට දෙනවා..ජනතාව කවදාවත් පරාද නෑ..හරි සතුටින් ඉන්නේ පේනවනේ
02:09
Video thumbnail
ආණ්ඩුවට මිනිස්සු කුණුහරුපෙන් බනින දවස වැඩි ඈතක නෑ..සුජාතභාවය රට තුළින් විනාශවෙලා
03:34
Video thumbnail
ට්‍රම්ප් - නෙතන්යාහු අතර හදිසි දුරකථන සංවාදයක් එළියට..ඉස්ලාමාබාද් කැළඹෙයි
05:47
Video thumbnail
ජනතාව ඉතිහාසයේ වැඩිපුරම විශ්වාස කරපු ආණ්ඩුව..ජනතාවට රිදෙනකොට උත්තර දෙයි
02:18
Video thumbnail
අපි නෙවෙයි පරාද ජනතාව පරාද..පට්ට හොරෙක් තාම ඇමතිකමේ ඉන්නවා..දූෂණ විරෝධි ආණ්ඩුකරණය අදින් ඉවරයි
03:15
Video thumbnail
මිනිස්සු පොලිස් බැරියල් කඩාගෙන යන්න හදයි - දැඩි උණුසුම් තත්ත්වයක්
00:50
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි
00:37
Video thumbnail
නාමල් රාජපක්ෂ එයාගේ උපන්දිනය පවුලත් එක්ක සමරපු හැටි.. එයාලගේ මූහුණුවල තියෙන සතුට
01:00