ප්‍රහසන රංගවේදී ෆ්‍රෙඩීගේ බිරිඳ දිවිසැරිය නිමකරයි

මෙරට සිටි අතිදක්ෂ ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ ෆ්‍රෙඩී සිල්වාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (16) උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ.

දිගු කලක් ඇය අසනීප තත්ත්වයෙන් පසු වූ අතර; පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ මහරගම පිළිකා රෝහලට ඇතුළත් කිරීමට සූදානමින් සිටි බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවුණා.

ජය සිකුරු චිත්‍රපටියෙන් වර්ෂ 1984 දී සිනමාවට පිවිසෙන ඇය; චණ්ඩියාගෙත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි, ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58කට පමණ සිය රංගනයෙන් දායක වී ඇති දක්ෂතා සපිරි රංගන ශිල්පියක්.

2018 වසරේ ‘ පුංචි අන්දරේ’ චිත්‍රපටයට එක් වූයේ ඇය ඇයගේ අවසන් සිනමා පටය ලෙසටයි.

ඉන් අනතුරුව ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳීම හේතුවෙන් ඉන් ඉවත් වුණා.

ඇයගේ දේහය මේ වනවිට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු
අනිද්දා (18) ගල්කිස්ස සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
20
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?