ප්‍රසිද්ධ හෝටලයක ජල ටැංකියකින් හමු වූ මළ සිරුර

වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ ජල ටැංකියකට වැටීමෙන් පුද්ගලයෙකු මියයාමේ පුවතක් වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේ ම සේවය කළ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (17) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි අයෙක්. මියගිය පුද්ගලයා දීර්ඝ කාලයක සිට මීමැස්මොරය රෝගයෙන් පෙළුනු අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ. මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) දිනයේ දී සිදුකිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?