ප්‍රසන්න රණවීරගේ ඇප ඉල්ලීම විසිවෙයි – මර්වින් එක්කම ආයෙත් ඇතුළට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තවත් සිව් දෙනෙකුට එරෙහි නඩුව අද (26) යළි විභාගයට ගැනුණා.

ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.

මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ දී නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවුණා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී සියලු පාර්ශ්වයන්හි කරුණු සලකා බැලූ මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය නියෝග කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුළු සෙසු සැකකරුවන් සිව්දෙනා ජූනි මස 09 දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙහිදී ප්‍රසන්න රණවීර මහතා විසින් ඉල්ලන ලද ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය විසින් ඉවත දමනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?