ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ශ්‍රව්‍ය මාධ්‍යයේ රන් සලකුණක් ලෙස සැලකෙන ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසයි ජයතිලක මහත්මිය සැලකෙන්නේ.

වර්ෂ 1963 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල – මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්‍රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද මැයයි.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්.

මීට අමතර ව ඇය 1997 දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වුණා.

සුමනා ජයතිලකයන් යනු ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මව් රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55


?