AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවාහන ඇමති සහ රුසියානු තානාපති අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් (levan S. Dzhagaryan) මහතා සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර සාකච්ඡාවක් සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට ලක් වූයේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වර්ධනය කරගනිමින් සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීමයි.

මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිතුමා දැනුවත් කර තිබෙනවා.

රුසියාව සතු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා දායක කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?