ප්‍ර‍වාහනයට සූදානම් කර තිබූ වියළි කේරල ගංජා තොගයක් වටලයි

වියළි කේරල ගංජා තොගයක් බෝට්ටු මගින් ප්‍ර‍වාහනය කිරීම සඳහා සූදානම් කර තිබිය දී වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (13) දින කයිට්ස් පොලිස් වසමේ නයනතිව් දූපතේ සුදු වැලි මුහුදු තීරය, 7 වෙනි කොටස යන ස්ථානයේ දී සිදුකළ වැටලීමකදී යි.

එහි දී සැකකරුවෙකු නොමැතිව බෝට්ටු මගින් ප්‍ර‍වාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කේරළ ගංජා කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 140 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?