ප්‍රබල පාකිස්ථානය පරදා ඇමරිකාවට ඓතිහාසික ජයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් වුණා.

පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති තරගය ඇමරිකානු කණ්ඩායම ජයගත්තේ සුපිරි පන්දුවාරයේ දීයි.

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇමරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථානට ආරාධනා කළා.

එහිදී පාකිස්ථානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 159ක් ලකුණු පුවරුවට එක් කළා.

පාකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 44ක් සහ ෂඩාබ් ඛාන් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමඟ තරගයේ ලකුණු තත්ත්වය සම වුණා.

ඒ, අනුව මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් දක්වා එය රැගෙන යාමටයි සිදුවුණේ.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇමරිකාව කණ්ඩායම නියමිත පන්දු 06 තුළ ලකුණු 18ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 19ක ඉලක්කය හඹා ගිය පාකිස්ථාන ක්‍රීඩකයින්ට සුපිරි පන්දු වාරයේ දී එක් කඩුල්ලක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 13ක් පමණයි.

ඒ,අනුව ඇමරිකා කණ්ඩායම, පාකිස්ථාන කණ්ඩායම සුපිරි පන්දුවාරයේ දී ලකුණු 05ක් පරදා ඉතිහාසයේ පළමුවරට විස්ස්සයි විස්ස ඓතිහාසික තරග ජයක් හිමි කරගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?