ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් අඛණ්ඩව පස්වන එක්දින පරාජයත් වැළඳගනී (වීඩියෝ)

එක්දින පිටියේ අඛණ්ඩව ලැබූ පස්වන පරාජයත් වැළඳගන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (24) රාත්‍රියේ සිදු වුණා.

ඒ, ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 99 කින් පරාජයට පත්වීමත් සමඟයි.

ඉන්දෝර් හිදී පැවති මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 399ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, එහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුනා.

ශුබ්මන් ගිල් සහ ශ්‍රෙයාස් අයියර් මෙම තරගයේ දී ශතක රැස් කිරීමට සමත් වූ අතර, ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 37ක් තුළ ලකුණු 72ක් රැස් කළා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාවට පන්දුවාර 33ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 316ක්.

එහිදී ඉන්දීය දඟ පන්දු යවන්නන් ඉදිරියේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වන ආකාරය මෙම තරගයේ දී දැකගත හැකි වුණා.

මෙම තරගයට දඟ පන්දු යවන්නන් ලෙස ඉන්දීය පිළට ක්‍රීඩාකළ රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවා.

අශ්වින් සහ ජඩේජාගේ තර්ජනාත්මක දඟ පන්දුවලට මුහුණදීමට නොහැකිව වමත් පිතිකරුවෙකු වන ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දකුණතින් පිත්ත හසුරවන ආකාරය මෙම තරගයේ දී දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් ලකුණු 53ක් ලබාගෙන සිටි වෝනර් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

මෙම තරගයේ ලකුණු 316ක ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 28යි පන්දු 03ක් තුළ ලකුණු 217කට දවාගන්නට ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ද ජයගත් ඉන්දියාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?