ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් අඛණ්ඩව පස්වන එක්දින පරාජයත් වැළඳගනී (වීඩියෝ)

එක්දින පිටියේ අඛණ්ඩව ලැබූ පස්වන පරාජයත් වැළඳගන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඊයේ (24) රාත්‍රියේ සිදු වුණා.

ඒ, ඉන්දියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 99 කින් පරාජයට පත්වීමත් සමඟයි.

ඉන්දෝර් හිදී පැවති මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 399ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, එහිදී ඉන්දීය මුල්පෙළ පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුනා.

ශුබ්මන් ගිල් සහ ශ්‍රෙයාස් අයියර් මෙම තරගයේ දී ශතක රැස් කිරීමට සමත් වූ අතර, ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 37ක් තුළ ලකුණු 72ක් රැස් කළා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඕස්ට්‍රේලියාවට පන්දුවාර 33ක් තුළ හිමි වූ ඉලක්කය ලකුණු 316ක්.

එහිදී ඉන්දීය දඟ පන්දු යවන්නන් ඉදිරියේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වන ආකාරය මෙම තරගයේ දී දැකගත හැකි වුණා.

මෙම තරගයට දඟ පන්දු යවන්නන් ලෙස ඉන්දීය පිළට ක්‍රීඩාකළ රවිචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 06ක් බිඳ දැමුවා.

අශ්වින් සහ ජඩේජාගේ තර්ජනාත්මක දඟ පන්දුවලට මුහුණදීමට නොහැකිව වමත් පිතිකරුවෙකු වන ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දකුණතින් පිත්ත හසුරවන ආකාරය මෙම තරගයේ දී දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් ලකුණු 53ක් ලබාගෙන සිටි වෝනර් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

මෙම තරගයේ ලකුණු 316ක ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 28යි පන්දු 03ක් තුළ ලකුණු 217කට දවාගන්නට ඉන්දියාවට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ද ජයගත් ඉන්දියාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14