spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල ආර්ජන්ටිනාව පැරදූ සෞදි පාපන්දු ක්‍රීඩකයින්ට සල්මාන් කුමරුගෙන් සුවිශේෂී තිළිණයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සෞදි අරාබි කණ්ඩායමට පසුගිය දා හැකියාව ලැබුණා.

එම සුවිශේෂී ජයග්‍රහණය ලබාගත් සෞදි අරාබි පාපන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම ‘රෝල්ස් රොයිස්’ වර්ගයේ සුපිරි මෝටර් රථය බැඟින් පිරිනැමීමට එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෞදි අරාබිය පසුගිය අඟහරුවාදා ලියනල් මෙසීගේ තරු පිරුණු ආර්ජන්ටිනාව ගෝල 2-1ක් ලෙස පරාජය කිරීම ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි විචාරකයින් මත පළකර සිටියේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඊයේ දිනය විශේෂ නිවාඩු දිනයක් බවට පත්කරමින් ජයග්‍රහණයේ සතුට සමරන්නට මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට වැසියන්ට ඉඩ ලබාදුන්නා.

කෙසේ වෙතත්, මෝටර් රථ පිරිනැමීම සම්බන්ධයෙන් සෞදි රජය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
111
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?