ප්‍රබල ආර්ජන්ටිනාව පැරදූ සෞදි පාපන්දු ක්‍රීඩකයින්ට සල්මාන් කුමරුගෙන් සුවිශේෂී තිළිණයක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සෞදි අරාබි කණ්ඩායමට පසුගිය දා හැකියාව ලැබුණා.

එම සුවිශේෂී ජයග්‍රහණය ලබාගත් සෞදි අරාබි පාපන්දු කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුටම ‘රෝල්ස් රොයිස්’ වර්ගයේ සුපිරි මෝටර් රථය බැඟින් පිරිනැමීමට එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සෞදි අරාබිය පසුගිය අඟහරුවාදා ලියනල් මෙසීගේ තරු පිරුණු ආර්ජන්ටිනාව ගෝල 2-1ක් ලෙස පරාජය කිරීම ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි විචාරකයින් මත පළකර සිටියේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඊයේ දිනය විශේෂ නිවාඩු දිනයක් බවට පත්කරමින් ජයග්‍රහණයේ සතුට සමරන්නට මොහොමඩ් බින් සල්මාන් කුමරු එරට වැසියන්ට ඉඩ ලබාදුන්නා.

කෙසේ වෙතත්, මෝටර් රථ පිරිනැමීම සම්බන්ධයෙන් සෞදි රජය තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
111
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40