ප්‍රධාන රෝහල් 10ක අද පැය 04ක් වැඩ නවතී – ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නැත්නම් තීරණය දරුණුයි

දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් දහයක සෞඛ්‍ය සේවකයින් අද (02) දිනයේ පැය හතරක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවක ගැටළු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම හේතුවෙන් මෙලෙස අද (02) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

ඒ, අනුව අද (02) උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය හතරක කාලයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ ජාතික රෝහල, ගම්පහ මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල,ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල සහ මන්නාරම මූලික රෝහල යන රෝහල්වල සේවකයින් අද (02) දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

මේ අතර සෞඛ්‍ය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

අද (02) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?