ප්‍රධාන රෝහල් 10ක අද පැය 04ක් වැඩ නවතී – ඉල්ලීම්වලට නිසි පිළිතුරක් නැත්නම් තීරණය දරුණුයි

දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් දහයක සෞඛ්‍ය සේවකයින් අද (02) දිනයේ පැය හතරක කාලයක් සේවාවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවක ගැටළු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම හේතුවෙන් මෙලෙස අද (02) මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළෙඹෙන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.

ඒ, අනුව අද (02) උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා පැය හතරක කාලයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ ජාතික රෝහල, ගම්පහ මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, කෑගල්ල මහ රෝහල, පොළොන්නරුව මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල,ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහල සහ මන්නාරම මූලික රෝහල යන රෝහල්වල සේවකයින් අද (02) දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වනවා.

මේ අතර සෞඛ්‍ය සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම සාකච්ඡාව සඳහා සහභාගි වීමට නියමිත බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

අද (02) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39