spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ප්‍රධාන ජල සැපයුම් නළයක මෝටර් රථයක් ගැටී අනතුරක් – ප්‍රදේශ රැසකට වතුර නැතිවෙයි

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නළයක් පුපුරා යෑමෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩගම මංසන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අද (17) අලුයම මෙම ජල නළයේ ගැටී අනතුරට ලක් වීමත් සමඟ එම නළය පුපුරා යෑමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්.

මේ අතර අනතුරට ලක් වූ මෝටර් රථයේ සිටි පුද්ගලයින් හතර දෙනෙක් තුවාල ලබා හෝමගම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?